Posts

Showing posts from November, 2018

ගජගා කවි

සිතාමේ පිලිවෙල ඇතා සැරසූ ලෙස රජ අණ මුළු ලොව පවතින්නේ කතාවේ පිලිවෙල ඇතාට මිනි බැදි විලසට ලොව පූජිත වන්නේ පුදා වැඩූ ලෙස රන් සිව්ගේ ඇතු පිට තබලා තාලෙට යන්නේ සිතා බලන විට ගජගා වන්නම ඇතු යන ගමනයි දැන ගන්නේ ගමන් යනෙනෙ සොද රූබර තාලෙට ඇත් රජු ගමනට යන්නේ පවන් සලන විට කන්පෙති සලමින් දෑලේ මිණි නද විහිදෙන්නේ කියන්න පුදුමයි ගමනට මිණි නද එකින් එකට වැඩි වී එන්නේ අසන්න මහතුනි ගජගා වන්නම මේ ලෙසමයි ලොව පවතින්නේ රන්හිලිගේ ඇතුපිටින් වඩින කල දෙපසින් චාමර දිලිසෙන්නේ ගම්භිර දෙපසින් ඉර සද කොඩියද රැලි මල්දම් වට දිලිසෙන්නේ පංච එනාරිය නාද පවත්වා ඇත් රජ ගමනට නික්මෙන්නේ දොංත කුදං ගත දොං යන තාලෙට ගජගා වන්නම පවතින්නේ රන්හිලිගේ ඇතු පිටින් වඩින්නේ ඒ ලෙසෙ මිණි නද හඩ විහිදෙන්නේ නන් පරසිදු නරනිදු වැඩ ඉන්නේ ඔන්න කියමි වන්නමේ මුල පටුනේ ගොතා දමන මල් මාලය කරවට සිතා බලනු ඇත් රජ යන ගමනට පතාමේ ශාසනේ මතු පන්දහසට සිතා බලනු මැතිදුනි මේ විලසට
https://m.facebook.com/story.php?story_fbid=2001683203224873&id=100001496376734

කොතල පදය-උඩරට නර්තන සම්ප්‍රධාය

කොතල පදය ආලත්ති පදය තග්ගජිං/// කුංත කුද ගජිජිගත කුකුද කුද ගජිජිගත කුං තරිකිට කුද ගජිජිගත කුංත කුංතත් ජිං තකුං තකුං ජිං ජිං ගජ්ජිං (තත්-කුද ////................) පැන් ඉසීම ජිං තත් ජිං තත් ජිංත කුජිංගත කුද ගජ්ජිං තරිකිට-කුද ගත ගත කුකුද කුද ගජිංතක ජිංගත කුංජිංගත කුංත කුංතත් ජිං තකුං තකුං ජිං ජිං ගජ්ජිං(විලම්භ ලය-දකුණ) ජිං තත් ජිං තත් ජිංත කුජිංගත කුද ගජ්ජිං තරිකිට-කුද ගත ගත කුකුද කුද ගජිංතක ජිංගත කුංජිංගත කුංත කුංතත් ජිං තකුං තකුං ජිං ජිං ගජ්ජිං(මධ්‍ය ලය-වම) ජිං තත් ජිං තත් ජිංත කුජිංගත කුද ගජ්ජිං තරිකිට-කුද ගත ගත කුකුද කුද ගජිංතක ජිංගත කුංජිංගත කුංත කුංතත් ජිං තකුං තකුං ජිං ජිං ගජ්ජිං(ධෘත ලය-දකුණ) තත්-කුද////.......................... පලමු ආවැඩීම ජිංත කුකුද කුද කුද ගත//// //// ජිං කුදගත් ජිං-රුදග ජිංත කුකුද කුද කුද ගත//// //// ජිං කුදගත් ජිං-රුදග ජිංත කුකුද කුද කුද ගත//// //// මාත්‍රය නැටීම දෙවන ආවැඩීම ජිංත කුකුද කුද කුද ගත//// //// ජිං කුදගත් ජිං//-රුදග ජිංත කුකුද කුද කුද ගත//// //// ජිං කුදගත් ජිං//-රුදග ජිංත කුකුද කුද කුද ගත//// //// ම...

බුලත් පදය-උඩරට නර්තන සම්ප්‍රධාය

බුලත් පදය           (උඩරට නර්තන සම්ප්‍රධාය) ආලත්ති පදය තග්ගජිං/// තත්-කුද///////........ කුංත ගත ගත//කුංත ගජිගත ගජිං කුද ගතදොම් කුකුද ගජිගත//කුකුද ගජිගත ගජිං කුද ගත දොම් කුංත ගජිගත ගජිං කුද ගත දොම් කුකුද ගජිගත ගජිං කුද ගත දොම් කුංත ගත දොම්-කුකුද ගත දොම් ගත කුංත ගතට ගත කුංත කුංතත් ජිං තකුං තකුං ජිං ජිං ගජ්ජිං තත්-කුද///////............... කුජිං තත්/// කුජිං තත් කුජිං තත්///තකුදත් ගජ්ජිං තරිකිට කුද කුද ගත//කුද කුංතක තරිකිට කුද ගත කුකුදත් ජිං ජිං තකුදත් ගජ්ජිං(දකුණ) තරිකිට කුද කුද ගත//කුද කුංතක තරිකිට කුද ගත කුකුදත් ජිං ජිං තකුදත් ගජ්ජිං(වම) විලම්භ ලය................................. (දකුණට ගමන) ජිං ජිං තත් ජිං ජිං-ජිං ජිං තත් ජිං ජිංතක තරිකිට//// (දකුණට මාත්‍රය නැටීම) (දකුණට කස්තිරම) ජිං කුංදත් ගත් ජිංගත කුංතක ජිකුතක තරිකිට තකුදත් ගජිං (වමට ගමන) ජිං ජිං තත් ජිං ජිං-ජිං ජිං තත් ජිං ජිංතක තරිකිට//// (වමට මාත්‍රය නැටීම) (වමටකස්තිරම නැටීම) ජිං කුංදත් ගත් ජිංගත කුංතක ජිකුතක තරිකිට තකුදත් ගජිං මධ්‍ය ලය..............................

ආවැන්දුම

කෙටි ආලත්තිය (කෙටි ආලත්ති පදය) තග්ගජිං/// තත්-කුජිං/////.......... කුංත කුද ගජිජිගත කුකුද කුද ගජිජිගත කුං තරිකිට කුද ගජිජිගත කුංත කුංතත් ජිං තකුං තකුං ජිං ජිං ගජ්ජිං (තත්-කුද//////...........) ජිං දං/// ජිං දං ජිං දං දං/// ජිං දං ජිං දං දං/// ජිජිකුද ජිජිකුද කුද/// තරිකිට තරිකිට කුකුදත් කුංදත් ජෙහිං කුද තා තරිකිට-තකුදං තක ජිජිකුද තකුතක තක ජිජිකුද තකුද තෙහිංත///තත් තෙහිං රුංත ගජිං ජිං ගත්තත් තකුද ගජිං ජිං ගත්තත් රුද ගජිංත රුද ගත්තත් දොං (දකුණට) තරිකිට-තකුදං තක ජිජිකුද තකුතක තක ජිජිකුද තකුද තෙහිංත///තත් තෙහිං රුංත ගජිං ජිං ගත්තත් තකුද ගජිං ජිං ගත්තත් රුද ගජිංත රුද ගත්තත් දොං (වමට) තරිකිට-තකුදං තක ජිජිකුද තකුතක තක ජිජිකුද(දකුණ) තකුදං තක ජිජිකුද තකුතක තක ජිජිකුද(වම) තකුදං තක ජිජිකුද තකුතක තක ජිජිකුද(පෙරට) තකුද තෙහිංත/// තත් තෙහිං (දකුණ) ජිකුද තෙහිංත /// ජිත් තෙහිං (වම) තකුද තෙහිංත ජිකුද තෙහිංත තකුද තෙහිංත- තත් තෙහිං (දකුණ/වම/දකුණ) රුංත ගජිං ජිං ගත්තත් තකුද ගජිං ජිං ගත්තත් රුද ගජිංත රුද ගත්තත් දොං දෙතිතට නැටීම තිත් තෙයි-තිත් තෙයි ගත්ත දොං ජිත්ත දොං තකට තකුදත්ත දොං කඩතක ත...

ස්‌ත්‍රීන්ගේ මන දොළ සපුරන කඩවර යක්‌ කංකාරිය

Image
ලක්‌දිව උඩරට ප්‍රදේශයට සුවිශේෂ වූ ගර්භ සංරක්‍ෂණ ශාන්ති කර්මය කඩවර යක්‌ කංකාරියයි. උඩරට ගැමි ජනතාවගේ ඇදහිලි විශ්වාස,  ආකල්ප මෙන්ම සාරධර්ම ද ඇසුරු කරගනිමින් ප්‍රභවය ලබා ඇති මෙකී යක්‌ කංකාරිය රට යකුමෙන් පහතරට ජනතාවටත් කුමාර සමය මෙන් සබරගමු ජනතාවටත් සිදුවන්නා වූ සමාජ මෙහෙවරට සමගාමි වූ සමාජ මෙහෙවරක්‌ නිහඬව සිදුකරන බව හේතු සාධක සහිතව පෙන්වා දිය හැකිය. කඩවර හුදු ගර්භ සංරක්‍ෂණයට පමණක්‌ සීමා වූ ශාන්ති කර්මයක්‌ නොව ගැබ් ගැනීම් සිදු නොවීම, හටගත් ගැබ ගබ්සාවීම, නියමිත කාලයට මාස්‌ ශුද්ධිය ඇති නොවීම, කිලිමාල, ලේමාල, වැළඳීම මෙන්ම මල්වර දෝෂ, තනිකම් දෝෂ, රතිකම්දෝෂ, ඇඟ වෙව්ලීම ආදී ස්‌ත්‍රීන් හා සම්බන්ධ වූ දහසකුත් එකක්‌ ලෙඩ රෝග හා සබැඳි යක්‌කාරියකි. එමෙන්ම දරු ප්‍රසූතිය පමා කිරීම, අංගවිකල දරුවන් බිහිකිරීම, බිහි වූ දරුවන් දින තුනක්‌ සත් දිනෙන් මරා දැමීම යනාදී කටයුතු ද සිදුකරන්නේ කඩවරය. උක්‌ත උවදුරුවලින් කාන්තාවන් නිදහස්‌ කර ගැනීමට කඩවරට පුද පූජා දොළ පිදේනි පුදා තුන්තිස්‌ පැයක්‌ මුළුල්ලේ අංග සම්පූර්ණව කඩවර යක්‌ කංකාරියක්‌ පැවැත්විය යුතු බව ඇදුරෝ තරයේ විශ්වාස කරති. කඩවර යක්‌ කංකාරිය කන්ද උඩර...

කලාවේ නිහඩ ප්‍රතිමූර්තිය

Image
කලාවේ නිහඩ ප්‍රතිමූර්තිය දෙතනේ ලේ කිරි කරන්නට පමණි බැරි උනේ නමුදු,කලාවේ සැබෑ අයිතිකරු ඔහුය උරුමක්කාරයා ඔහුය තහවුරු නොකලාට මහා ලොකුවට සමහරුන් එය.... කිසිවෙකුටත් මෙතුමන් දරාගත් කිරුලට උරුමකම් කීමට නොහැක ගරහන උන් ගරහනවා සත්තයි ඵල ඇති රුකට ගල් නොවැදුනොත් එය පුදුමයකි අපි තවමත් තජ්ජිත් තොංනං පමණකි නමුදු,මෙතුමානන් කංකාරියක්ම වී හමාරය දන්නෝ දනිති.නොදන්නෝ කියවති. හදුනාගන්න....මෙතුමානන් ගුත්තිලයන් මිස මූසිලනම් නොවෙයි ලැබීම නොලැබීම කර පෙරලන්නට හැදුවාට ලැබිය යුත්තන් හට නිසි වෙලාවට ලැබෙනු ඇත

ඇම්බැක්ක දේවාලය

Image
කැටයම් වලට ප්‍රසිද්ධ කොහෙද ඇහුවොත් හැමෝම කියන්නේ ඇම්බැක්ක කියලා.. ඒත් ගිහින් නැත්තම්.මේ ඒ අයට කියන ඇම්බැක්කේ කතාව කොටස් 02ක් ලෙස ඉදිරිපත් කර ඇත. ගම්පොළ රාජධානි සමයේ III වන වික්‍රමබාහු රජු විසින් ඇම්බැක්ක ශ්‍රී කතරගම දේවාලය ඉදිකරවා ඇත. පිවිසිය හැකි ප්‍රධාන මාර්ග 3කි කොළඹ නුවර මාර්ගයේ පැමිණ පිලිමතලාව - දවුලගල හරහා ඇම්බැක්ක මාර්ගය කොළඹ නුවර මාර්ගයේ පැමිණ පේරාදෙණිය - පැණිදෙණිය දවුලගල හරහා ඇම්බැක්ක මාර්ගය පේරාදෙණිය ගම්පොල මාර්ගයේ පැමිණ - වැලිගල්ල - තලවතුර - බූවැලිකඩ හරහා ඇම්බැක්ක මාර්ගය මෙහි වාහල්කඩ , මහාදේවාලය , සදුන් කුඩම , බුදුගෙය , ලී මොනර රූපය , පල්ලේ දේවාලය , වී අටුව , මුරුතැන්ගෙය ,අම්බලම , සිංහාසනය ආදී ප්‍රධාන කොටස් කීපයකින් සමන්විත වන අතර මෙහි කැටයම් 514ක් ඇති බව සදහන් වේ. දේවාලයෙහි දිග්ගෙය නමින් හැදින්වෙන කොටසෙහි , වාහල්කඩ , සියලුම දොරවල් ආදී කැටයමින් අලංකාර කල හැකි සියලුම ස්ථාන විවිධ කැටයමින් අලංකාර කර ඇත. එක කනුවක 4 බැගින් කණු 32 කැටයම් = 128 එක කනුවක 8 බැගින් කණු 32 ලියපත් වර්ධන කැටයම් = 256 පේකඩ නෙලුම් කැටයම් = 64 බාල්ක චිත්‍ර කැටයම් = 30 තලාද චිත්‍ර කැටය...

කෝලම් ගැමි නාටකය

උඩරට සම්ප්‍රදායට අයත් ප්‍රධාන ගැමි නාටකයමෙන් ම පහතරට පළාතට ආවේණික වූ ගැමි නාටකය වන්නේ “කෝලම්” නාටකය යි. කෝලම් නාටකයේ මූලික පරමාර්ථය වී ඇත්තේ හා ස්‍ය උප්පාදනය හා සමාජයේ දුර්වල තැන් සියුම් ලෙස උපහාසයට ලක් කරමින් සමාජය සංශෝධනය කිරීමයි. මෙහි අරමුණු තේමා කොට ගෙන ගොඩනැගුණු කෝලම් නාට්‍යයෙහි විවිධ චරිත ඇති අතර, ජස ලෙන්චිනා කෝලම හා මුදලි කෝලම තුලින් හාස්‍යය ඇගයීම හා සමාජයේ දුර්වල ස්ථාන විවේචනයට ලක් කරන අයුරු විමසා බලමු. ජස ලෙන්චිනා කෝලමෙහි ජසයා යනු රජුගේ මාලිගාවේ රෙදි අපුල්ලන, උඩුවියන්, පවාඩ දමන බේබදුකමට ගති පුද්ගලයකි.ඔහුට බිරියන් දෙදෙනෙකු සිටින අතර එයින් එක් බිරිදක් තරුණ අයෙකි. අනෙක් බිරිද මහලු ය.නමින් ලෙන්චිනා හා පුරන්සිනා වන්නේ මොවුන් දෙදෙනා ය. පුරසාරම් බස් දොඩවමින් බේබදු චරිතයක් විදහාපාන ජසයාගේ චරිතය දුටු ඕනෑම අයෙකුට හාස්‍ය ඉපදීම පුදුමයක් නොවේ. ඒ බවට කදිම නිදසුනකි මේ, “මේ ගම් පියසේ හේනේ මාමලා කොච්චර හිටියත් මං වගේ වෙන නැත රජ වාසලයෙන් සළුපිලි අරගෙන එන්නෙමි රජු වඩිනා පෙර මුණයට” මෙම කවියෙන් ප්‍රකාශ වන පරිදි ඔහු රජ වාසලේ රාජකාරිය කරන රෙදි අපුල්ලන පුද්ගලයෙක් වුව ද මොහු රෙදි අපුල්ලන...