ඇම්බැක්ක දේවාලය
කැටයම් වලට ප්‍රසිද්ධ කොහෙද ඇහුවොත් හැමෝම කියන්නේ ඇම්බැක්ක කියලා.. ඒත් ගිහින් නැත්තම්.මේ ඒ අයට කියන ඇම්බැක්කේ කතාව
කොටස් 02ක් ලෙස ඉදිරිපත් කර ඇත.
කොටස් 02ක් ලෙස ඉදිරිපත් කර ඇත.
ගම්පොළ රාජධානි සමයේ III වන වික්‍රමබාහු රජු විසින් ඇම්බැක්ක ශ්‍රී කතරගම දේවාලය ඉදිකරවා ඇත.
පිවිසිය හැකි ප්‍රධාන මාර්ග 3කි
කොළඹ නුවර මාර්ගයේ පැමිණ පිලිමතලාව - දවුලගල හරහා ඇම්බැක්ක මාර්ගය
කොළඹ නුවර මාර්ගයේ පැමිණ පේරාදෙණිය - පැණිදෙණිය දවුලගල හරහා ඇම්බැක්ක මාර්ගය
පේරාදෙණිය ගම්පොල මාර්ගයේ පැමිණ - වැලිගල්ල - තලවතුර - බූවැලිකඩ හරහා ඇම්බැක්ක මාර්ගය
මෙහි වාහල්කඩ , මහාදේවාලය , සදුන් කුඩම , බුදුගෙය , ලී මොනර රූපය , පල්ලේ දේවාලය , වී අටුව , මුරුතැන්ගෙය ,අම්බලම , සිංහාසනය
ආදී ප්‍රධාන කොටස් කීපයකින් සමන්විත වන අතර මෙහි කැටයම් 514ක් ඇති බව සදහන් වේ.
දේවාලයෙහි දිග්ගෙය නමින් හැදින්වෙන කොටසෙහි , වාහල්කඩ , සියලුම දොරවල් ආදී කැටයමින් අලංකාර කල හැකි සියලුම ස්ථාන විවිධ කැටයමින් අලංකාර කර ඇත.
දේවාලයෙහි දිග්ගෙය නමින් හැදින්වෙන කොටසෙහි , වාහල්කඩ , සියලුම දොරවල් ආදී කැටයමින් අලංකාර කල හැකි සියලුම ස්ථාන විවිධ කැටයමින් අලංකාර කර ඇත.
එක කනුවක 4 බැගින් කණු 32 කැටයම් = 128
එක කනුවක 8 බැගින් කණු 32 ලියපත් වර්ධන කැටයම් = 256
පේකඩ නෙලුම් කැටයම් = 64
බාල්ක චිත්‍ර කැටයම් = 30
තලාද චිත්‍ර කැටයම් = 36
එක කනුවක 8 බැගින් කණු 32 ලියපත් වර්ධන කැටයම් = 256
පේකඩ නෙලුම් කැටයම් = 64
බාල්ක චිත්‍ර කැටයම් = 30
තලාද චිත්‍ර කැටයම් = 36
මෙහි වහලය එකම කුරුපාවක් හරහා සම්බන්ධ කර ඇති අතර එය මඩොල් කුරුපාව නැතහොත් කැණිමඩල ලෙස හැදිනිවේ.
ඇම්බැක්ක දේවාලය තුල ඇති කැටයම් 514න් තෝරාගත් කීපයක් පිලිබඳව සටහනක් මෙයට අමතරව අයාලේ පිටුවෙහි පල කර ඇති අතර ඇම්බැක්ක කැටයම් පිලිබඳ අවධානය යොමු කරන අයෙකුට සහ ඉගෙනුම ලබන දරුවන්ට එය ඉතා වැදගත් වේ.
මෙය පූජා භූමියකි.එබැවින් මෙහි පැමිණීමේදී ඒ සදහා සුදුසු ආකරයට පැමිණීමටත් හැසිරීමටත් වගබලා ගත යුතුය.එමෙන්ම කිසිම කැටයමක් ස්පර්ශ කිරීමත් ඔබට තහනම්. මෙම වටිනා ස්ථානය ආරක්ෂා කිරීම අපි හැමෝගෙම යුතුකමක්.
වටිනවා කියලා හිතෙනවා නම් තව කෙනෙකුට බලන්න share කරන්න. තවත් මේ වගේ වටිනා ස්ථාන බලන්න අයාලේ page එකට like කරන්නත් අමතක කරන්න එපා.
උපුටා ගැනිමකි :- අයාලේ - Ayale
Comments
Post a Comment